fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් සමස්ත රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 11:50

රට වෙනුවෙන් සමස්ත රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනපති පවසයි

මේ වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසදීමට නව ක්‍රමවේදයන් හදුන්වා දෙමින් මුළු රජයම එකම යන්ත්‍රනයක් ලෙස ක්‍රියා කල යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය සේවය පැය අටකට සීමා නොවිමේ වැදගත්කම ද ජනාධිපති තුමා පෙන්වා දුන්නා.

නව වසර වෙනුවෙන් සේවා ඇරඹීම සදහා ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා. මේ වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නව වසර වෙනුවෙන් රාජකාරී ඇරඹීම අද සිදු කළා. ඒ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමට ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය කටයුතු කළා. නව වසරේ කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම පිළිබද ප්‍රතිඥාව ලබා දුන්නේ ඉන් අනතුරුවයි. උදාවූ නව වසර සමරමින් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා කටයුතු කළා. මෙම අවස්ථාවට ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය ද එක්ව සිටියා. නව වසර සමරමින් සේවක මණ්ඩලය වෙනුවෙන් සුළු සංග්‍රහයක්ද සංවිධාන කර තිබුණා.

නව වසර වෙනුවෙන් සේවා ඇරඹීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී ද සිදුවුණා. ඒ අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ප්‍රතිඥා ලබාදීම ද අද සිදුවුණා. අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී සදහන් කළේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් මහජන සේවය අමතකකර කටයුතු කරන බවයි.

නව වසර සදහා සේවා ආරම්භ කිරීම සබරගමු පළාත් සභා පරිශ්‍රයේදී ද පැවැත්වුණා. ඒ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන්. කාර්යක්ෂම ඵලදායී තිර අදිටනින් යුතු අවංක සහ මහජන පක්ෂපාතී සේවාවක් ඉටු කිරීම වෙනුවෙන් මෙහිදී ප්‍රතිඥාදීම සිදුවුණා. සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්