ඉලන්තිඩිය වෙරළ තීරය උග්‍ර ඛාදනයකට
Related Articles
කල්පිටිය සංචාරක කලාපයට අයත් ඉලන්තිඩිය වෙරළ තීරය උග්‍ර ඛාදනයකට ලක්වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වෙරළ තීරයේ පිහිටි ශාඛ දිනෙන් දිනම විනාශයට පත්වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
ඉලන්තිඩිය මුහුදු තීරයේ වෙරළ සංරක්ෂණ කලාපයේ සිට මීටර 50ක පමණ දුරක් ඛාදනයට ලක්ව තිබෙනවා. එම වෙරළ තීරයේ සුළං බාධකයක් ලෙස පවතින ඝන කස වගාව මේ වන විට විනාශ වෙමින් පවතින බවත්, එය පරිසර ගැටලු රැසක් ඇති කිරීමට හේතුවන බවත් ප්‍ර දේශවාසීන් පෙන්වා දෙනවා. එම කසගස් සිටුවීම 2006 වසරේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත වන වගා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූවා. කිලෝමීටර් 03 ක දුරක් කස ගස් පිහිටා තිබීම හේතුවෙන් වෙරළ ඛාදනයට මෙන්ම සුළං ආවරණයට ද එය ප්‍රබල පිහිවහලක් වුණා. සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම ප්‍රදේශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.