fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 09:38

ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මැතිවරණයෙන් ලූලා ද සිල්වා සියයට 50 යි දශම නවයක් ලබාගත් අතර ඒ සමගම වත්මන් ජනාධිපති ජයර් බොල්සනාරෝට සිය ධුරය අහිමිවුණා. 77 වන වියෙහි පසුවන ලූලා ද සිල්වා ජනාධිපති ධුරයට පත්වූ තුන්වන අවස්ථාවද මෙය වනවා. ඔහු 2003 සහ 2010 අතර කාලයේ දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළා. හිටපු ජනාධිපති ජයර් බොල්සනාරෝ මේ වනවිට ඇමෙරිකාවට ගොස් ඇති බවයි විදෙස් මාධය වාර්තා කරන්නේ. ඒ නව ජනාධිපති ලූලා ද සිල්වාගේ දිවුරුම් දීමේ උත්සවය මගහැරීමේ අරමුණෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2023 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්