හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Related Articles
හෙරෝයින් සමඟ සැකකරුවෙකු වැල්ලවාය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ගේ සහය ඇතුව තණමල්විල වැල්ලවාය මාර්ගයේ වැටලීමක් සිදුකළා. කිතුල්කොට්ටේ ප්‍රදේශයේදි හෙරෝයින් ග්‍රෑම් 886යි මිලි ග්‍රෑම් 20ක් සමග 20 හැවිරිදි තරුණයෙකු එහදි අත්අඩංගුවට ගැණුනා. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ.