නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මකයි
Related Articles
අද සිට ක්‍රියාත්මක නව ආදායම් බදු රජයට හැකි පළමු අවස්ථාවේදීම සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඇඹිලිපිටියේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙරට අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කර ගැනීම සදහා මෙලෙස ඉහළ ආදායම් ලබන 10%ක් මත බදු පැනවීමට සිදුවූ බවයි.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සදහා 2023 අයවැය තුළින් යෝජනා කළ නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් එම ප්‍රතිපත්තිය අනුව මාසකට ලක්ෂයකට අඩු වැටුපක් ලබන්නන්ගෙන් බදු අයකිරීමක් සිදුකෙරෙන්නේ නැහැ.
රුපියල් 150,000ක වැටුපක් ලබන අයෙක් රුපියල් 3500ක ආදායම් බදු මුදලක් ගෙවිය යුතු වෙනවා. රුපියල් පක්ෂ 200,000ක මාසික වැටුපක් ලබන්නෙකුගෙන් අයකෙරෙන බදු මුදල රුපියල් 10,500ක්. රුපියල් ලක්ෂ 300,000ක මාසික වැටුපක් නම් ගෙවිය යුතු බදු මුදල රුපියල් 35,000ක් වන අතර රුපියල් ලක්ෂ 500,000ක මාසික ආදායමක් නම් ගෙවිය යුතු බදු මුදල රුපියල් 106,500ක්. රුපියල් ලක්ෂ 1,000,000 නම් මාසික ආදායම ගෙවිය යුතු බදු මුදල වන්නේ රුපියල් 286,500ක්.
මේ අතර හැකි පළමු අවස්ථාවේම ජනතාවට පීඩාකාරී බදු ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.