fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දහම් පාසල් අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කිරීමට කටයුතු කරන බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 18:34

දහම් පාසල් අධ්‍යාපනයට ඇති බාධක ඉවත් කිරීමට කටයුතු කරන බව අගමැති කියයි

දහම් පාසල් අධ්‍යාපනයට බාධක රැසක් පවතින බැවින් ඉදිරියේ දී එම බාධක ඉවත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කැලණිය රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අනතුරුව නාරහේන්පිට අභයාරාමය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. එහි පැවති දහම්පාසල් ගුරු පුද උළෙලට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි වුණා.

මේ අතර රත්මලාන කොතලාවලපුර සිරිවිජිතාරාම විහාරස්ථ සිරිධම්ම දහම් පාසලේ අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරුණා. සාමාරම්භක උත්සවය පැවැත්වුණේ මහා සංඝරත්නය සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්. දහම් පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායම මෙහිදි ලියාපදිංචි කෙරුණු අතර එම දරුවන් වෙත පොත්පත් ඇතුලු උපකරණ ද මෙහිදි ප්‍රදානය කෙරුණා. විහාරාධිපති කරම්බන්කුලමේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ උත්සවය සංවිධාන කර තිබුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්