fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 16:55

රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දෙයි

චීනයේ කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ රටවල් රැසක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් නව නීති හඳුන්වා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව , කැනඩාව , හොංකොං සහ මැකාවෝ රටවලින් මෙසේ චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට සීමා පනවා තිබෙනවා. ඒ අනුව චීන මගීන් සඳහා කොරෝනා පරීක්ෂණයේ සෘණාත්මක වාර්තාවක් ඉදිරිපත් කල යුතු බවටයි දැනුම් දි ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ මෙම නීතිය ලබන 5වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පසුගිය දින කිහිපයේදි ඇමෙරිකාව, එක්සත් රාජධානිය , ප්‍රංශය , ඉතාලිය, ස්පාඤ්ඤ , ජපානය , දකුණු කොරියාව සහ තායිවානය යන රටවල් ද චීන සංචාරකයින්ට සීමා පැනවීම් සිදුකළා. චීනයෙන් පැමිණෙන සියලු සංචාරකයින්ට මොරොක්කෝව පමණක් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්