fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උද්ධමනය අඩුකොට පොලී අනුපාත පහත හෙළිම මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 16:04

උද්ධමනය අඩුකොට පොලී අනුපාත පහත හෙළිම මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක්

උද්ධමනය අඩුකොට පොලී අනුපාත පහත හෙළිම මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහනුවර දළදා මාළිගයට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි මහ බැංකු අධිපතිවරයා කටයුතු කලේ. අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤානරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කටයුතු කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 16:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්