ශ්‍රීලනිප 60වන වරටත් කිරිවෙහෙර අභියසදි ආලෝක පූජාව පවත්වයි
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතරගම කිරිවෙහෙර අභියස පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනය සහ ආලෝක පුජාව හැටවන වරටත් මෙවර පැවැත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන සර්ව රාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනය කතරගම කිරිවෙහෙර අභියසදි ඊයේ පැවැත්වුණා. ඓතිහාසික කිරිවෙහෙර අභියස විදුලි ආලෝක පුජාව ආරම්භ කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව වසනාහස්ථියා පෙරටු කරගනිමින් පැවති පෙරහැරෙන් සධාතුක කරඩුව වැඩම කරවීම සිදු කෙරුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.