කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැන යයි
Related Articles
ප්‍රභල අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැමිණ ඇති බවට ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන් නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුගියදා මෙරට අධිකරණයක් මගින් ඔහු ඇප මත නිදහස් කෙරුණා. ද හින්දු පුවත්පත අද වාර්තා කලේ කංජිපානි ඉම්රාන් රාමේෂ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. පසුගිය 25වනදා ඉන්දියාවේ රාමනාතපුරම් වෙරළබඩ ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුලු වී ඇති කංජිපානි ඉම්රාන් සහ ඔහුගේ සගයා පිළිබද දැඩි සොදිසියෙන් පසුවන ලෙසට තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර පසුගිය දා ඇප මත මුදාහැරීමෙන් පසු කංජිපානි ඉම්රාන් ඉන්දියාවට ඇතුලු වීමට සැලසුම් කර ඇති බවට ද මීට පෙර ඉන්දීය බුද්ධි අංශ තොරතුරු තහවුරු කරගෙන නිබුණා. කංජිපානි ඉම්රාන් ඔහුගේ ස්වරූපය වෙනස් කර ගනිමින් තලේයිමාන්නාරමට පැමිණිබවට ද එම බුද්ධි අංශවලට තොරතුරු ලැබි තිබු බව සදහන්. මිනීමැරීම් සහ සාපරාදි බිය ගැන්වීම් ඇතුලු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්ඩංගුවට ගැනුනේ 2019 වසරේ ඩුබායි හිදි. ඔහු මෙරටට පිටුවහල් කෙරුණා. කංජිපානි ඉම්රාන් ඇෆ්ගනිස්තාය සහ පාකිස්තානයේ හෙරෝයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමග දැඩි සම්බන්ධතා ඇති පුද්ගලයෙකු බව සදහන්.