fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:59

දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුතු ඉරූ දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අඩවි වන නිලධාරීන් සමත්වුණා.

බලපත්‍ර වෙනස් කර මිල්ල හා තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගත් බවයි ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ. ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් තිබුණා. කොළඹ ප්‍රදේශයට අලෙවි කිරීම සඳහා ඉරූ දැව රැගෙන යමින් තිබූ බවයි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ප්‍රකාශයට පත්කර ඇත්තේ. ඉංගිරිය අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකළ අතර සැකකරුවන් සන්තකයේ තිබූ වෙනස් කරන ලද බලපත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්