මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
Related Articles
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍යව සිටි ඉෂාර නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකාය කඩුවෙල නාගහමුල්ල ප්‍රදේශයේදි කළ වැටලීමකදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනා. එම වැටලීමේදි නියංගොඩ රන්කොත් ගෙදර හර්ෂ මධුෂාන් ජානක නොහොත් අංජු නැමැති පුද්ගලයෙකු පිරිසක් විසින් පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් කපා ගිණිඅවියකින් වෙඩි තබා කඩුවෙල ප්‍රදේශයේ දමාගොස් තිබුණා. එම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාර නැමැත්තා පොලිසිය මගින් සොයමින් සිටි අතර මෙම වැටලීමේදි ඔහු අත්අඩංගුවට ගැණුනා. එම පුද්ගලයා ලග තිබි අයිස් මත්ද්‍රව්‍ය, කඩු මන්නා සහ මෝටර් රථයක් ද පොලිසිය සොයා ගත්තා.