fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා රටවල් රැසක ජනතාව නව වසර උදාව අතිඋත්කර්ෂවත්ව සමරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:49

ලොව පුරා රටවල් රැසක ජනතාව නව වසර උදාව අතිඋත්කර්ෂවත්ව සමරයි

2023 නව අවුරුදු උදාව ලොව පුරා රටවල් රැසක ජනතාව අතිඋත්කර්ෂවත් අන්දමින් පිළිගත්තා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් නව වසර උදාව සැමරීමට නොහැකි වු ලෝකවාසී ජනතාව මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබුවා.  නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් 2023 නව වසර පළමුව පිළිගත්තා. ලන්ඩන් නුවරට ලක්ෂයකට වැඩි පිරිසක් නව අවුරුදු උදාවේ ගිණිකෙළි සංදර්ශන දැක බලා ගැනීමට පැමිණ සිටියා. කෙන්යාව,  උගන්ඩාව, ඊජීප්තුව, ඇතුලු නැගෙනහිර අප්‍රිකානු රටවල් ද නව අවුරුදු උදාව ඉහළින් සමරනු ලැබුවා. යුධ ගැටුම් පවතින යුක්රේනය ද නව අවුරුදු උදාව සැමරීම විශේෂත්වයක්. දකුණු ඇමෙරිකාව,  බ්‍රසීලය,  ආජන්ටිනාව,  පැරගුවේ රාජ්‍ය සහ චීලි රාජ්‍යයන්ට තවමත් 2023 වසර එළඹී නැහැ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්