fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව වසර ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:33

නව වසර ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් බව ජනපති කියයි

උදා වූ නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව පෙන්වා දී ඇත්තේ.

නව වසරක උදාව යනු නව සිතුම්පැතුම් අධිෂ්ඨානයන් සමග ජීවිතය අලුත්කර ගැනීමට ලැබෙන මහගු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. 2023 වසරට අප පිවිසෙන්නේ අති මහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්ෂිතතාවන් හා බලාපොරොත්තු සුන්වීම හමුවේ ගතකළ වසරක්. රටේ සිදුවූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ බහුතරයක් අත්විදින පසුබෑම පිළිබද තමාට මනා අවබෝධයක් ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ. එහෙත් දැනටමත් අප අයහපත් කාලය පසුකර ඇති බව තම විශ්වාසය බවත් උදා වූ නව වසර තීරණාත්මක වසරක් බවත් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දෙනවා. රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටි බවත් එය කිසිසේත් නොසලකා හැරිය නොහැක්කක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා යෝජිත සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. නැවුම් බලාපොරොත්තු සමගින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහනයෙන් නිමාවන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුලු විවරවන ජයග්‍රාහී වසරක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයෙන් තවදුරටත් අවධාරණය කර සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2023 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්