රොනල්ඩෝ සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායම සමඟ එක් වෙයි
Related Articles
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සෟදි අරාබියේ අල් නසර් කණ්ඩායම සමග එක්ව තිබෙනවා. ලෝක ඉතිහාසයේ පාපන්දු ක්‍රීඩකයෙකුට ලැබෙන විශාලතම වැටුප ඔහුට ලැබෙනු ඇති බව වාර්තාවනවා.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 2025 වසර දක්වා ක්‍රියාත්මකවන ගිවිසුමකට සෞදි අරාබියේ අල් නසර් කණ්ඩායම සමග එක්වී තිබෙනවා. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා වන අතර ඔහු මීට පෙර මැන්චෙස්ටඩ් යුනයිටඩ් ලීග් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාකළා.
අල් නසර් කණ්ඩායම සමග සම්බන්ධ වීමෙන් පසු රොනල්ඩෝට වසරකට පවුම් මිලියන 177කට වැඩි වැටුපක් ලැබෙනු ඇති බව වාර්තා වනවා. අල් නසර් කණ්ඩායම නව වතාවක් සෞදි ප්‍රෝ ලීග් ශූරතාවය දිනූ කණ්ඩායමක්. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඔහු මීට පෙර ක්‍රීඩා කළ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් තරග 346කදී ගෝල 145ක් රැස්කර තිබෙනවා.
රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් සමග එක්ව සිටියේ සතියකට පවුම් ලක්ෂ 5ක වැටුපකටයි. රොනල්ඩෝගේ දායකත්වය මින් පසුව යුරෝපා චැම්පියන් ලීග්ස් තරගාවලියේදී දක්නට නොලැබෙන අතර සෞදි ප්‍රෝ ලීග් තරගාවලියේදී ඉදිරියට ක්‍රීඩා කරනු ඇති.
අල්නසර් කණ්ඩායම සමග එක්වීම සම්බන්ධයෙන් රොනල්ඩෝ පවසා ඇත්තේ යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේදී තමන් ජයග්‍රහණය කිරීමට අදහස් කළ සියලු දෙයක්ම ජයග්‍රහණය කිරීමට හැකිවිම පිළිබද තමන් වාසනාවන්ත බවත් දැන් ආසියාව සමග තම අත්දැකීම් බෙදා ගැනීමට සුදුසු මොහොත මෙය බවයි.
රොනල්ඩෝ පසුගියදා අවසන් වූ ෆිෆා ලෝක කුසලානයට ක්‍රීඩා කල අතර ඔහු ඉතිහාසගතවන්නේ පිෆා ලෝක කුසලාන පහකට සහභාගී වී ඒ සියල්ලේදීම ගෝල රැස් කිරීමට හැකිවූ පළමු ක්‍රීඩකයා ලෙසිනි.