රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගියද රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට එය බාධාවක් නොවෙයි
Related Articles
රාජ්‍ය නලිධාරීන් 30,000 ක් පමණ අද දින විශ්‍රාම ගියද රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට එය බාධාවක් නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන්කළේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්. රාජ්‍ය අංශයෙන් මහජනතාවට ලැබෙන සේවා කාර්යක්ෂම කිරීම රජයේ අරමුණ වී ඇති බව ද අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වයස අවුරුදු 60 සම්පූර්ණ වී අද දින විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බදවාගැනීමට තීරණය කර තිබෙනවා.