ඝාතන හා මත්කුඩු ජාවාරම් සඳහා යොදා ගත් මෝටර් රථ 3ක් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
මනුෂ්‍ය ඝාතන හා මත්කුඩු ජාවාරම් සදහා යොදා ගත් සුඛෝපබෝගී මෝටර් රථ 3ක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් පානදුර සහ අනුරාධපුර යන ප්‍ර දේශවල පදිංචි කරුවන්. ඔවුන් වයස අවුරුදු 25 හා 30 යන සීමාවල පසුවන බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සමග අපරාධ සදහා යොදාගත් යතුරු පැදි 4ක් ද සොයා ගැනුනා.
පානදුර, නිර්මල මාවතේදී යතුරුපැදියකින් ගමන්කළ දෙදරු පියෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කටුබැද්ද ප්‍රදේශයේදී හා කළුදෑවල යන ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එල්ලවී තිබෙනවා.
එමෙන්ම උතුරු කළුතර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිවස කොල්ලකෑම සදහා යොදාගත් යතුරුපැදියක්ද මේ අතර වනවා.