fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් ජීප් රථයක යතුරු පැදියක් ගැටෙයි – තරුණයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 18:38

පොලිස් ජීප් රථයක යතුරු පැදියක් ගැටෙයි – තරුණයෙකු ජීවිතක්ෂයට

මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේදි පොලිස් ජීප් රථයක යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු මියගියා.

මන්නාරම පොලිස් ස්ථානයට අයත් ජීප් රථයකයි මෙම යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ. අනතුරෙන් තුවාල ලැබු යතුරු පැදිකරු මන්නාරම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. ඔහු මන්නාරම පනන්කට්ටු ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. පොලිස් ජීප් රථයේ රියදුරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජනවාරි 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්