fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුත්තලම සිට ගල්ගමුව දක්වා ඇති මාර්ගය දැඩි ලෙස අබලන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 17:01

පුත්තලම සිට ගල්ගමුව දක්වා ඇති මාර්ගය දැඩි ලෙස අබලන්

පුත්තලම සිට කරුවලගස්වැව තම්මැන්නාවැටිය වෙලේවැව හරහා ගල්ගමුව දක්වා ඇති මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

දිනකට දහස් සංඛ්‍යාත ජනතාවක් ගමන් ගන්නා මෙම මාර්ගය පුත්තලම සිට ගල්ගමුව දක්වා ඇති කෙටිම මාර්ගය ලෙසයි දැක්වෙන්නේ. මාර්ගයේ කිලෝ මීටර 04ක් පමණ සංවර්ධන කිරීම ආරම්භ කර තිබුණ ද බොහෝ ස්ථාන දැඩි ලෙස අබලන් තත්ත්වයේ පවතිනවා.

2021 වසරේදි සංවර්ධන කටයුතු ආරම්භ වුවද මෙතෙක් එම කාර්යය අවසන්ව නැති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්