මහාකරුණා බෞද්ධ සංගමයෙන් තවත් සමාජ සත්කාරයක්
Related Articles
සුනාමියෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් 500 කට පාසල් බෑග්, පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදීමක් පසුගියදා සිදු වුණා. ඒ සිංගප්පූරු මහාකරුණා බෞද්ධ සංගමයේ සමාජ සත්කාරයක් ලෙසයි.
සිංගප්පූරු මහාකරුණා බෞද්ධ සංගමයේ උපදේශක ආචාර්ය අලව්වේ ගුණරතන ස්වාමීන්වහන්සේගේ මැදිහත්වීමෙනුයි මෙම පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරුණේ. හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පාසල් දරුවන් 500කට මෙම ආධාර බෙදා දෙනු ලැබුවා. සුනාමි අවදානමක් ඇති පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට ද මෙහිදී ආධාර බෙදා දී තිබුණා. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ,රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වුණා. සිංගප්පූරු ජාතික ටෝනි තේ මහතාගේ මූලිකත්වයෙනුයි මෙම ආධාර ලබාගෙන තිබුණේ.