fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 12:22

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක්

මෙරට කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

වැඩපිළිවෙල යටතේ කෘෂි නිෂ්පාදන අපනයනකරුවන් පිරිසක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡාවක නිරතවුණා. කෘෂි නිෂ්පාදන අපනයනයෙන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකියි. කෙසේ වුවද මෙරටින් කෘෂි අපනයනය තවමත් සිදුවන්නේ ඉතා අවම වශයෙනුයි. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ඇඹුල් කෙසෙල් විදෙස් වෙළදපොලට යැවීමට පියවර ගැනීම මෙහිදි ඇගයීමට ලක්වුණා.

මේ අතර මිල ඉහළයාම හේතුවෙන් මාර්ග දෙපස බඩඉරිගු වෙළදාමේ නිරත පිරිස් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. එම අලෙවි ස්ථානවලට බඩඉරිගු රැගෙන විත් අලෙවි කරන තොග ව්‍යාපාරිකයින් ද මෙම ගැටලුවට මුහුණ දී සිටිනවා. මීට පෙර රුපියල් 20 ක් මුදලකට අලෙවි කළ බඩඉරිගු කරලක් අද වනවිට රුපියල් 120 ක පමණ මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බවයි ඔවුන් කියාසිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්