මෙරට තල් රා ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට අපනයනය කෙරේ
Related Articles
මෙරට තල් රා පළමුවරට ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට අපනයනය කර තිබෙනවා.
තල් කොල ආශ්‍රිත නිෂ්පාදනවල අලෙවි ප්‍රවර්ධනයක් ද සිදුකෙරෙනවා.
තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතන විසින් ප්‍රංශයට තල් රා අපනයනය කර තිබෙනවා.
එම තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් 45,000 ක්.
ඊට අමතරව බ්‍රිතාන්‍යයට ද පසුගිය 29 වනදා තල් රා තොගයක් අපනයනය කෙරුණා. මීට අමතරව තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතන සමග විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ උපදෙස් මතයි මෙම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ.