fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 09:21

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි

ලොව පාපන්දු රජු ලෙස හැඳින්වෙන බ්‍රසීල ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වුණා.

බ්‍රසීලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු ජීවිතක්ෂයට පත්වුණේ. පේලේ මිය යනවිට 82 වන වියේ පසුවුණා. ඔහුගේ බඩවැල ආශ්‍රිතව තිබූ  පිළිකාවක් හේතුවෙන් පසුගිය වසරේ දී සැත්කමකට ද ලක්කෙරුණා. කෙසේ වුවද එයින් ඔහු පූර්ණ සුවය ලැබුවේ නැහැ. නූතන පාපන්දු ක්‍රීඩාව නව මානයකට යොමු කරමින් බ්‍රසීලයට තුන්වරක් පාපන්දු ලෝක කුසලානය හිමිකර දීමට ඔහුට හැකිවුණා. ඒ 1958 ,1962 සහ 1970 යන වසරවලදීයි. පාපන්දු පිටියේ මෙතෙක් බිහිවූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන පේලේ එම ක්‍රීඩාවෙන් ලෝක වාර්තා ද පිහිටුවා තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා සිදුකිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2022 09:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්