fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම චීනයේ ෂෙන්ග්ෂු නගරයේ රථවාහන 200ක් පමණ එකිනෙක ගැටෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 13:29

මධ්‍යම චීනයේ ෂෙන්ග්ෂු නගරයේ රථවාහන 200ක් පමණ එකිනෙක ගැටෙයි

මධ්‍යම චීනයේ ෂෙන්ග්ෂු නගරයේ මහාමාර්ගයක රථවාහන දෙසියකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එම ප්‍රදේශයට බලපා තිබු ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. අනතුරෙන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

රථවාහන එකිනෙක ගැටීමත් සමග මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඝන මීදුම හේතුවෙන් රථ වාහනවල ගමන් කිරිමේ දි මීටර 500කටත් අඩු දුරක් පමණක් පැහැදිලිව  දක්නට හැකිවු බවයි රියදුරන් සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්