ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
Related Articles
එළඹෙන ඉන්දීය සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ලබන මස මුල් සතියේදීයී මෙම සංචාරය ආරම්භ වන්නේ.
මේ අනුව කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කර ඇති අතර උප නායකයන් දෙදෙනෙකු පත් කිරීම ද විශේෂත්වයක්. 20යි20 තරගාවලියේ උපනායකයා ලෙස වනිදු හසරංගත් එක්දින තරගාවලියේ උපනායකයා ලෙස කුසල් මෙණ්ඩිස්වත් පත් කර තිබෙනවා.
නිරන්තරයෙන් දස්කම් අතර රැදීසිටීමේ අර්බුදයකට ලක්ව සිටින කණ්ඩායමේ නායකත්වය දරණ දසුන් ශානකට උපරිම සහයක් ලබාදීම උපනායකයන් දෙදෙනෙකු පත් කිරීමේ අරමුණ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
මේ අනුව කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම,භානුක රාජපක්ෂ, චරිත් අසලංක,ධනංජය ද සිල්වා,අශේන් බණ්ඩාර,මහීෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ,චාමික කරුණාරත්න,ඩිල්ශාන් මධුශංක, කසුන් රාජිත,නුවනිදු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්,ලහිරු කුමාර සහ නුවන් තුෂාර ක්‍රීඩා කරනු ඇති.