fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ 34 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 11:25

හිම පතනය හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ 34 දෙනෙකු ජීවිතක්ෂයට

නිව්යෝර්ක් ප්‍රාන්තයට බලපා ඇති අධික හිම පතනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම සතිය ආරම්භයේ සිට උතුරු ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට හිම කුණාටුවලින් දැඩි බලපෑම් එල්ල වුණා. නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයටයි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ.

මිලියන එකයි දශම හතකට පමණ විදුලිබලය ඇණහිට තිබූ අතර මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ වුවද ඇමෙරිකාව පුරා හිම කුණාටු හේතුවෙන් මියගිය සමස්ත සංඛ්‍යාව හැටක් ලෙසයි දැක්වෙන්නේ.

1977 වසරෙන් පසු බෆලෝ නගරයට වැඩිම බලපෑමක් එල්ල කළ හිම කුණාටුව ලෙස මෙය සැළකෙනවා. ඇතැම් ස්ථානයේ හිම තට්ටුවේ ඝනකම අඩි හතරකට වඩා වැඩි බවයි ඇමෙරිකා ජාතික කාලගුණ සේවය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2022 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්