චීනයේ සිට පැමිණෙන සියලු විදේශිකයින්ට ඇමෙරිකාව PCR අනිවාර්ය කරයි
Related Articles
චීනයේ සිට පැමිණෙන සියලු විදේශකයින් ඇමෙරිකාට ඇතුලුවීමේදි කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු කල යුතු බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොරෝනා වෛරසය චීනය තුළ සිඝ්‍රයෙන් ව්‍යාපත්වීමත් සමගයි ඇමෙරිකාව නව නීති පනවා ඇත්තේ. ඒ අනුව චීනයේ සිට පැමිණෙන සියලු විදේශකයින් කොරෝනා වෛරස ආසාධිතභාවය පරීක්ෂා කරන පී සී ආර් පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය වෙනවා.
එමෙන්ම ඉතාලිය ජපානය,මැලේසියාව, තායිවානය හා ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ට නව නීති අදාළ වන බවයි ඇමෙරිකාවේ බලධාරීන් සදහන් කරන්නේ.
වසර 03 ක් පමණ වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි නීති පනවා තිබු චීනය ලබන වසරේ ජනඅනිවාරි මස 08වන දින සිට එම නිති ලිහිල් කරමින් සංචාරකයින්ට එරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදීමට පියවර ගත්තා.