සහරාන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් මොහු අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. සැකකරු අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු වනවා.
ඔහු පසුගිය 23 වනදා ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි මෝටර් රථයක් පුපුරවා යැමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වනවා.
අදාළ සැකකරු පිළිබද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබද මෙරට පොලසියට නිල වශයෙන් වාර්තා වී නැති බවයි.