fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරෙහි තලෙයිබාන් ප්‍රතිපත්ති UN ආරක්ෂක කවුන්සිලය හෙළාදකී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:14

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරෙහි තලෙයිබාන් ප්‍රතිපත්ති UN ආරක්ෂක කවුන්සිලය හෙළාදකී

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් හා ගැහැණු දරුවන් ඉලක්ක කරගනිමින් තලෙයිබාන් රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පවසනවා.

මෙම දැඩි නීති හේතුවෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ජගත් ආරක්ෂක කවුන්සිලය පෙන්වා දෙනවා.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම, පාසල් හා විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීම, පසුගියදා තලෙයිබාන් පාලනය විසින් තහනම් කරනු ලැබුවා.

මේ හේතුවෙන් කාන්තාවන් හිංසනයට ලක්වන බවත් ඔවුන්ට සම අයිතීන් ලබා දිය යුතු බවත් ආරක්ෂක කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රට තුළ ක්‍රියාත්මක කරන මෙම නීති හේතුවෙන් තලෙයිබාන් සංවිධානය අපේක්ෂා කරන ජාත්‍යන්තර පිළිගැනීම හිමි නොවනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්