කිලිනොච්චියේ ඇළක පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් සොයා ගැනේ
Related Articles
කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි ඇළක පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් කිලිනොච්චිය පොලීසිය සොයාගෙන තිබෙනවා.
පෙරියපරන්තන් ප්‍රදේශයේ පුද්ගලයෙකු එම ඇළ මාර්ගය අසලින් ගමන් කරමින් සිටියදී සිරුර දැක පොලීසියට දැනුම් දී තිබුණා.
පොලීසිය පැමිණ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයාද අදාළ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබෙනවා.
සිරුර මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර හඳුනා ගැනීමට කිසිවෙක් ඉදිරිපත්ව නොමැති බවද පොලීසිය පවසනවා.