fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියට්නාම මුහුදේදී බේරාගත් ලාංකිකයන් 303දෙනාගෙන් 152ක් මෙරටට රැගෙන එයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 10:14

වියට්නාම මුහුදේදී බේරාගත් ලාංකිකයන් 303දෙනාගෙන් 152ක් මෙරටට රැගෙන එයි

නොවැම්බර් 8 වනදා වියට්නාම වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් පෙරලීමෙන් බේරාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 302 දෙනාගෙන් 152 දෙනෙකු ඊයේ රාත්‍රියේ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංක්‍රමණිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. ඊයේ රාත්‍රියේ පැමිණි පිරිස අතර පිරිමි 143 දෙනෙකු සහ කාන්තාවන් හත් දෙනෙකු සහ කුඩා ළමුන් පිරිසක් ද වනවා.

වියට්නාම වෙරළාරක්ෂක යාත්‍රා පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 303 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ අතර, ඔවුන්ගේ යාත්‍රාව කැඩී බිඳී යාමත් සමඟ වියට්නාමය සහ පිලිපීනය අතර මහ මුහුදේ ගසාගෙන යමින් තිබුණා.

අවදානමට ලක්ව සිටි ළමයින් බොහෝ දෙනෙකුද ඒ අතර සිටි බවත් මෙම ශ්‍රී ලාංකිකයන් මියන්මාරයේ සිට කැනඩාව බලා යමින් සිටි බවත් පසුව අනාවරණය වුණා.

කෙසේ වෙතත්, ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු නොඑන ලෙසත්, ඒ වෙනුවට සරණාගතයින් ලෙස තුන්වන රටක නැවත පදිංචි කරන ලෙසත් ශ්‍රී ලාංකිකයන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) ගෙන් ඉල්ලා තිබුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්