fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කෘෂිකර්ම ඇමැති සැරසෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 09:32

නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කෘෂිකර්ම ඇමැති සැරසෙයි

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යම් රාජ්‍ය නිලධාරියෙකු ගොවීන්ට ආසාධාරණයක් සිදුකළහොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

වත්තල හුණුපිහිටිය ප්‍ර දේශයේ පිහිටි කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම මඟින් පොහොර බෙදාහැරීම සිදු කරන ආකාරය පිලිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරටට ලැබුණු යූරියා සහ බන්ඩි පොහොර රටපුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 365 කට බෙදාහැරීම මෙම මධ්‍යස්ථාන මඟින් සිදු කෙරෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජයන්ත පෙ‌රේරා, ලංකා පොහොර සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2022 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්