fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡායා පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු වහාම කඩිනම් කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2022 18:51

ඡායා පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු වහාම කඩිනම් කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරණිම පර්යන්තය වන ඡායා පර්යන්තය පුළුල් කිරීමේ කටයුතු වහාම කඩිනම් කරන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබෙනවා. ඡායා පර්යන්තයේ සිදුකළ නිරීක්ෂණයකින් පසුවයි අමාත්‍යවරයා එම උපදෙස් ලබා දී තිබෙන්නේ.

සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුවල ප්‍රමාදයක් ඇතිබව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මුහුද පිරිවීමේ සහ පර්යන්තය ඉදිකිරීමේ කටයුතු භාරවී ඇති චීන සමාගම වහාම කැඳවා ගිවිසුම්වල පරිදී අදාල වකවානුවලට ව්‍යාපෘතිය නිම කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ. දැනට දිගින් මීටර් 1260 ක් වන ඡායා පර්යන්තය සංවර්ධනය කිරීමෙන් පසු දිගින් මීටර 1380ක් වන අතර ඒ අනුව මීටර් 360 ක දිගින් යුතු නෞකා දෙකක් එකවර නැංගුරම්ලා තැබීමට හැකිවන බවයි වරාය අධිකාරිය පවසන්නේ. මෙම සමස්ථ සංවර්ධන කටයුතු සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 32 ක් වැය වන අතර මෙම පිරිවැය වරාය අධිකාරියේ ඉතුරුම්වලින් සිදුකිරීම විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2022 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්