fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයට බලපෑ අධික හිමපතනයෙන් 17දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2022 16:17

ජපානයට බලපෑ අධික හිමපතනයෙන් 17දෙනෙකු ජීවිතක්ෂයට

ජපානයේ අධික හිම පතනයත් සමඟ පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

මියගිය පිරිස අතරින් බහුතරයක් තම නිවාසයන්හි වහල මත රැදී තිබෙන හිම ඉවත් කිරීමට යාමේදී ඉන් ඇදවැටීමෙනුයි ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ජපානයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් නිවාස සිය ගණනකට විදුලිබලය ඇණහිට ඇති බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති අතර භාණ්ඩ ප්‍රවාහන සේවා ප්‍රමාදවීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් හටගත්තා. ඇතැම් ස්ථානයන්හි හිම තට්ටුවේ ඝනකම අඩි 2 යි අගල් 6 ඉක්මවා ඇති බව සදහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2022 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්