ඉරානයේ රාජ්ය විරෝධී උද්ඝෝෂණ ආරම්භකර දින සියයක් ඉක්මවා ගොස් තිබෙනවා.
ඉරාන කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එරට රජයට විරෝධය පළකරමින් රටපුරා උද්ඝෝෂණ ආරම්භ කෙරුණා. මේ වනවිට එම උද්ඝෝෂණ ආරම්භකර දින සියයක් ඉක්මවා ඇති අතර උද්ඝෝෂකයින් හා පොලිසිය අතර හටගත් ගැටුම් වලින් 500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා ළමුන් 69 දෙනෙකු ද ඇතුළත්. එමෙන්ම රාජ්ය විරෝධී කුමන්ත්රණවලට වරදකරුවන් වීම හේතුවෙන් උද්ඝෝෂකයින් දෙදෙනෙකු එල්ලා මැරීමට ද ඉරාන බලධාරීන් කටයුතු කළා. තවත් 26 දෙනෙකුට විරුද්ධව එරට අධිකරණයේ නඩු විභාග වනවා. 1979 වසරට පසු ඉරාන රජයකට විරුද්ධව දීර්ඝතම කාලයක් පැවති උද්ඝෝෂණය ලෙස මෙය හැදින්වෙන්නේ.