නව වසරේ උදාවත් සමඟ රටට හා ජනතාවට ආශිර්වාද පතා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ දි ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
2023 වසරේ උදාවත් සමග දෙසැම්බර් 31 වනදා සහ ජනවාරි පළමුවනදා විශේෂ ආගමික වැඩසටහන් රැසක් සෝමාවති පුදබිමේ දි පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්. ඒ පිළිබද සාකච්ඡාවක් සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හා ජනාධිපති බෞද්ධ කටයුතු පිළිබද උපදේශක හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ පූජ්‍ය අබන්පොළ ඥාණාලෝක යන ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ජනවාරි පළමුවනදා සෝමාවතිය පුදබිමට පැමිණෙන සැදැහැවතුන් දසදහසකට දිවා ආහාරය ලබාදීමට ද මෙහිදි තීරණය වුණා.