fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 16:31

ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක මහතාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුණු ආවරණය කර ගත් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් පැමිණ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි නිවසේ දී ඩිලාන් සේනානායක මහතාට පිහියකින් ඇන තුවාල සිදු කර තිබුණේ පසුගිය 14 වනදායි. ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. දෙමටගොඩ,  කොම්පඤ්ඤවීදිය හා බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අරගලය පැවති වකවානුවේ දිනපතා එම ස්ථානයට යාමට පුරුදුවී සිටි බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවුණේ. එහි ප්‍රධාන සැකකරු සමග මිත්‍රත්වයක් ඇතිකර ගත් තරුණියකට ඩිලාන් සේනානායක සමච්චල් කිරීම නිසා ඔහු ඊට විරෝධය පළකර තිබෙනවා. එහිදී ඩිලාන් සේනානායක එම සැකකරුට තර්ජනය කිරීම හේතුවෙන් ඇතිකරගත් විරසකය මත පලිගැනීමක් ලෙස මෙම පිහිඇනුම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සදහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 16:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්