fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහකන්නය සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා බවුසර් 3559ක ඉන්ධන සපයයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 10:45

මහකන්නය සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා බවුසර් 3559ක ඉන්ධන සපයයි

2022 මහකන්නයේ වගා කටයුතු සදහා සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් 11 වනදා දක්වා කාලය තුළ ඉන්ධන බවුසර් 3559ක් ලබාදී තිබෙනවා.

2022/2023 මහකන්නයේ වි වගාව සාර්ථක කර ගැනීමට හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාවට අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ සදහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිවූ අතර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ එක් එක් නිලධාරියෙකු බැගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුත්තට පත් කරනු ලැබුවා. අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එහි ප්‍රගතිය පිළිබද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී අනාවරණය වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් 11 වනදා දක්වා ඉන්ධන බවුසර් 3559ක් සපයා ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 26, 2022 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්