fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු රැසක් අනුරාධපුර අනුලාදේවි සෑය පිහිටි භුමියෙන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2022 17:10

පුරාවස්තු රැසක් අනුරාධපුර අනුලාදේවි සෑය පිහිටි භුමියෙන් හමුවෙයි

අනුලා මහා තෙරණින් වහන්සේගේ යැයි සැලකෙන ධාතුන් වහන්සේ ඇතුලු මිළ කල නොහැකි පුරා විද්‍යා වටිනාකමකින් යුත් පුරාවස්තු රැසක් අනුරාධපුර අනුලාදේවි සෑය පිහිටි භුමියෙන් හමුවී තිබෙනවා.

පුරා විද්‍යා වටිනාකමකින් යුත් පුරාවස්තූන් රැසක් අනුලා චෛත්‍ය පිහිටි භුමියෙන් හමුවී තිබෙන්නේ එහි සංරක්ෂණය සදහා කල කැණීම්වලදි. පලිගු,  කරඩු,  පැරණි කාසි,  ආභරණ,  මැටි මංජුසා ඇතුලු පුරාවස්තු රාශියක් මෙම භුමියෙන් හමුවි තිබෙනවා.

එම අනුලා තෙරණියන්ගේ බවට සැලකෙන ධාතුන් වහන්සේ සහ පුරාවස්තු නිරීක්ෂණයට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා අද එක්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 25, 2022 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්