දකුණු අප්රිකාවේ ඉන්ධන රැගත් බවුසරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පිපිරීමෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර 19 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලක් ආසන්නයේ දීයි එම බවුසරය පිපිරීමට ලක්ව ඇත්තේ. බවුසරය පාලමක් යටින් ගමන් කරමින් තිබියදී එහි සිරවීමට ලක්වීමෙන් අනතුරුව පුපුරාගොස් තිබෙනවා. ගිනි නිවීමේ අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කරන අවස්ථාවේ දී තවත් පිපිරීමක් සිදුවූ බවට සඳහන්. ගින්නෙන් මෝටර් රථ කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.