අධික වර්ෂාවත් සමග නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අකුරණ දුනුවිල ප්‍රදේශයේ එකම පවුලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ පුද්ගලයන් දෙදෙනෙකී.
අද උදෑසන සිදුවූ එම අනතුරෙන් 12 හැවිරිදි දැරියක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.