අසිරිමත් නත්තල ඊයේ රාත්‍රියෙන් උදාවුණා. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ දේවමෙහෙය ඇතුළු වැඩසටහන් රැසකට එක්ව සිටිනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම,පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.
මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී පැවැත්වුණා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනුයි නත්තල් දේව මෙහෙය පැවැත්වුයේ.