රජයේ ආදායම ඉහළට
Related Articles
මේ වසරේ පළමු මාස 9 තුලදී රජයේ ආදායම 38% කින් ඉහළ ගොස් තිබෙනවා.
දෙසැම්බර් මාසය වන විට රජයේ ආදායම ශ්‍රීලංකා රුපියල් බිලියන එක්දහස් හාරසිය පනහක් ලෙස වාර්තා වුණා. එය 2021 වසරට සාපේක්ෂ ලෙස 37.8% කින් වර්ධනය වීමක්.
කෝවිඩ් වසංගතය ඇතිවීමට පෙර 2018 සහ 2019 වසරවල රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ. රජයේ වියදම් ඉහළ ගොස් ඇත්තේ 13.2% කින් පමණයි.
මේ අනුව මූල්‍ය හිගය 6.3% කින් පහත වැටීමක්ද සිදු වුණා. බදු සහ බදු නොවන ආදායම් ඉහළ යාම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.
2023 වසරේදී රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3400 දක්වා වර්ධනය කර ගැනිම රජයේ ඉලක්කයයි.
එය 2022 වසරට සාපේක්ෂව 69% ක වර්ධනයක්.
මෙම ඉලක්කය සපුරා ගැනිම සදහා ඉදිරි මාසයේ සිට බදු සංශෝධනය කිරිමටද රජය පියවර ගෙන තිබෙනවා.