අසිරිමත් නත්තල සැමරීමට ලොවම සූදානමින්
Related Articles
ලොව පුරා කිතුනු බැතිමතුන් අසිරිමත් වු නත්තල සැමරීමට සුදානම් වනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකරමින් අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවීමට නියමිතයි.
මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා මෙලොව ජනිත වූ දේව පුත්‍රයාගේ අති රමණීය උපත සිහිකරමින් කිතුනු ජනයා නත්තල සිහිපත් කරනවා. මානව වර්ගයාගේ ගැලවුම්කරුවා වූ ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ හෙරොද් රජ දවස බෙත්ලහෙමේ ගව මඩුවක ඉපිද මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් අසීමිත කැපකිරිමක් සිදු කළා.
නත්තල උදාව සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවත්වනු ලබන රාත්‍රි දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී අද රාත්‍රි 11.45ට සිදු කෙරෙනවා. පමුණුගම කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවමධ්‍යස්ථානයේදී පැවැත්වෙන නත්තල් දින මධ්‍යම රාත්‍රි කතෝලික දේව මෙහෙය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රි 11.45 සිට විකාශය වනවා. ස්වාධීන රූපවාහිනිය සෙනසුරාදා රාත්‍රි විකාශය කරන චිත්‍රපටය වශයෙන් මෙවර නත්තල වෙනුවෙන් ෆෝලින් ෆෝ ක්‍රිස්මස් චිත්‍රපටය අද රාත්‍රි 10 ට ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.