හිප් හොප් සංගීත ශිල්පිනියක වන මේඝන් තීස්ටැලියන් හට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැප් ගායන ශිල්පියෙකු වූ ටොරී ලැනෙස් වරදකරු බව ඇමෙරිකා අධිකරණයක් තීරණය කර තිබෙනවා.
ලොස් ඇන්ජලීස් නුවර අධිකරණයක ජූරි සභාවක් මගිනුයි ටොරී ලැනෙස් වරදකරු බව තීරණය කර ඇත්තේ. මේ වන විට ලැනස් තිස් හැවිරිදි වියේ පසුවනවා. සිද්ධියෙන් හිපොප් ගායන ශිල්පිනියගේ පාදයට තුවාල සිදු වුණා.
කෙසේ වෙතත් මෙම වරද සදහා අවුරුදු විස්සක පමණ සිර දඩුවම් නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොව ප්‍රකට හිප්හොප් ගායන ශිල්පියෙකු වන මේඝන් තී ස්ටැලියන් ග්රැමි සම්මානයෙන්ද පිදුම් ලැබූ තැනැත්තියක්. ඇය විසිහත් හැවිරිදි වියේ පසුවනවා.