නත්තල් සමයට නිවෙස් තුළටමවී ඉන්න – චීන ජනතාවට බලධාරීන් දැනුම් දෙයි
Related Articles
නතත්ල් සමය තුලදී ද නිවෙස් තුළට වී රැදී සිටින ලෙස චීනයේ ෂැන්හැයි නගරයේ බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා. කෝවිඩ් පාලනය කිරීමේ පියවරක් ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
චීන බලධාරීන් කෝවිඩ් පාලනය කිරීම සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට එරට ජනතාව තුළ අප්‍රසාදයක් ඇති වි තිබෙනවා. මාස ගණනක කාලයක් දැඩි කෝවිඩ් පාලන නීතිවලට යටත්වීම නිසා ජන ජීවිතය මෙන්ම ආර්ථිකයද අවුල් සහගත තත්ත්වයකට පත් වුණා.
නත්තල් උත්සවය චීනය තුළ සාම්ප්‍රදායික වශයෙන් සැමරීමක් සිදු නොවුනද තරුණ ප්‍රජාව අතර නත්තල් කාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. පසුගිය සති කිහිපය තුලදී ඔමික්‍රෝන් ප්‍රභේදය චීනය තුළ හිස එසවූවා.