ඇල්පිටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි
Related Articles
ඇල්පිටිය, යක්කටුව මංසන්ධියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
කරන්දෙණිය ජයබිම පදිංචි 26 හැවිරිදි විමේශ් මධුසංක නමැති තරුණයෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙන්නේ.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැක පළකරන බව කරාපිටිය පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුයි මෙලෙස වෙඩි තබා පලාගොස් ඇත්තේ.