fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලැව්ගිනි හේතුවෙන් චිලී රාජ්‍යයේ නිවාස 400ක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 15:15

ලැව්ගිනි හේතුවෙන් චිලී රාජ්‍යයේ නිවාස 400ක් විනාශ වෙයි

චිලී රාජ්‍යයේ ඇතිවූ ලැව්ගිනි තත්වයෙන් නිවාස 400ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.

දින කිහිපයක් පුරා චිලී රාජ්‍යයේ ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වය ආසන්න නගරවලට ද පැතිර යාම නිසා අවම වශයෙන් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් නිවාස 400ක් පමණ හානියට හෝ විනාශයට පත්ව තිබෙනවා.

දැනටමත් හෙක්ටයාර 110ක් පුරා ගින්න පැතිර ගොස් තිබෙන බව සදහන්. චිලී රජය මේ වන විට රටතුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ඉක්මවා තිබීම ගින්න පැතිර යාම වේගවත් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්