fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යූරියා පොහොර නැවක් කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 10:29

යූරියා පොහොර නැවක් කොළඹ වරායට

යූරියා පොහොර මෙට්‍රික්ටොන් විසිඅට දහසක් රැගත් තවත් නැවක් අද අලුයම කොළඹ වරායට සේන්දු වුණා.

මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 110 ක් ලබා දී තිබෙනවා.

මැලේසියාවේ සිට අද රැගෙන ආ මෙම පොහොර තොගය ගොවීන් වැඩි වශයෙන් ඉල්ලන කැටිති පොහොර බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. මීට පෙර ගෙන එනු ලැබූ පොහොර කැටිති වශයෙන් නොතිබීම හේතුවෙන් ගොවීන් ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.

ඒ හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්වලට බෙදා දී තිබූ එම පොහොර තොග නැවත ගෙන්වා ගැනිමට පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ වෙනුවට මෙම පොහොර තොගය අද සිටම බෙදා හැරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා.

ලෝක බැංකු ආධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක් මෙරටට ලැබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2022 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්