ජගත් ආරක්ෂක කවුන්සිලය මියන්මාරයට එරෙහිව යෝජනාවක් සම්මත කරයි
Related Articles
මියන්මාරයේ ප්‍රචන්ඩ ක්‍රියා වහා අත්හිටවන ලෙස බලකරමින් ජගත් ආරක්ෂක කවුන්සිලය මියන්මාරයට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබෙනවා.
මියන්මාරය ජගත් සංවිධානයට සම්බන්ධවීමෙන් පසු පළමුවරටයි එරටට විරුද්ධව යෝජනාවක් සම්මත කෙරුණේ. එම යෝජනාව හරහා මියන්මාරයේ සාමාන්‍ය වැසියන්ට එරෙහිව ක්‍රියාත්මක ප්‍රචන්ඩ ක්‍රියා වහාම නවත්වන ලෙස යෝජනා කර තිබෙනවා.
එරට හිටපු නායක අවුන්ග් සාන් සූ කී ඇතුලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසද එහි සදහන් වනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදි එරට බලය අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු කළා.
එතැන් පටන් හමුදා පාලනයට විරුද්ධව විරෝධතා පැවැත්වෙන අතර සාමාන්‍ය වැසියන් සියගණනක් ජිවිතක්ෂයට පත්ව තවත් දහසයදහසක් පමණ සිරගත කිරීමටයි හමුදා පාලනය පියවර ගත්තේ.